පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්

පොලිසිය  අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත නිරාවරණය කරමින් විමර්ශන සිදු නොකරන ලෙස පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා විසින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබේ.

පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලට අදාල තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ආකාරය විවිධ අවස්ථාවලදී පොලිස්පති චක්‍රලේඛ මගින් නිලධාරීන්ට උපදෙස් ලබා ඇති බවද සඳහන්වේ.

මෙම තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කර මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *