පොඩි ලැසීගේ මව අධිකරණයට පෙත්සමක් ගොනු කරයි

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ජනිත් මධුසංඛ හෙවත් “පොඩි ලැසී“ මුදාහරින ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහුගේ මව විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු 06 දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ.

පොඩි ලැසී ගේ මව පෙන්වාදෙන්නේ මනෝජ්  මෙන්ඩිස් නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් සිය පුතු අත්අඩංගුවටගත් නමුත් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිමැරුම් නඩු හතක් සම්බන්ධයෙන් සැකකරුවෙකු බවට චෝදනා එල්ල කර ඇති බවය.

තම පුතුට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින බවට පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *