පුංචි ඡන්දයට පැමිණිලි 1874ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 1874ක් ලැබී තිබෙන  තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම පැමිණිලිවලින්  1720ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව ලැබී ඇත.ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි නවයක්  හා වෙනත්  පැමිණිලි 145 ක් ලැබී තිබෙන බවත් කොමිසම පෙන්වා දෙයි.

සමස්ත පැමිණිලිවලින් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 211ක් හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1663 ක් ලැබී තිබෙන බවද එම කොමිසම සඳහන් කරයි.

මේ වන විට ලැබී  තිබෙන පැමිණිලිවලින් 1607 ක් විසඳීමට අදාළ කටයුතු කර තිබෙන බවත් තවත් පැමිණිලි 267 ක් විසඳීමට අදාළ කටයුතු කරමින් තිබෙන බවත්  පසුගිය මස 20 වැනි දින සිට ඊයේ (20දා) සවස 4.30 දක්වා කාලයෙහිදී මෙම පැමිණිලි ලැබි තිබෙන බවත් කොමිසම පෙන්වා දෙයි.

පසුගිය මස 03 වැනි දින සිට ඊයේ (20දා) උදේ 6.00 දක්වා කාලයෙහිදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 211ක් වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි. මෙම පැමිණිලිවලට අනුව  පුද්ගලයන් 91දෙනෙකු හා වාහන 17 ක්  අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *