පියාගේ පොලිස් පට්ටම විකුණන්න ගිය දුව අත්අඩංගුවට

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්‍ය වචනයයන් බණවැදී කලහකාරීව හැසිරුණු බව කියන 31හැවිරිදි තරුණියක  සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.

පොලිසිය නිලධාරීන් පිරිසක් පොලිස් ත්‍රිරෝද රථයකින් මාතර සිට ගන්දර දෙසට පැමිණෙමින් සිටියදී සැකකාරිය පදවා ගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පොලිස් ත්‍රිරෝද රථයේ ගැටෙන්නට ගොස් ඇත.

ඒ අස්ථාවේ පොලිසිය සුඛෝපභෝගී මෝටර් රථය නවතා ප්‍රශ්න කළ අවස්ථාවේ සැකකාරිය තමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ දියණියක බවත් තව දවස් දෙකකින්  කවුද කියා දැනගත හැකි යැයි කියමින් පොලිසියට බැණවැදී ඇතැයි කියයි. තමා ඕස්ට්‍රෙිලියාවේ නීතිඥවරියක ලෙස රැකියාව කරන බව ද පවසා ඇත.

කලහාකාරිව හැසිරීම නිසා ඇය සැකපිට අත්අඩංගුවට ගැනීමට උත්සහා කළ අවස්ථාවේ කාන්තා පොලිස් සැරයන්වරියකට වැලමිටින් පහරදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *