පාලකයන් රටේ ප්‍රශ්න වචන අස්සේ හංගනවා – සමන්ත විද්‍යාරත්න

රට ගොදුරුව තිබූ දැවැන්ත අර්බුද ගණනාවකින් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ගෙඩගත්තේ යැයි වර්තමාන පාලකයන් පවසන බවත් මෙම පාලකයන්  ඉන්නකම් අර්බුද ඉවර නොකරන බවත් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

පාලකයන් අර්බුදය වචන අස්සේ හංගීමට උත්සහ කරමින් සිටින බවත් 2019 වසරේ රාජපක්‍ෂ ආණ්ඩුව පිහිටුවන විට රුපියල් 104 පැවැති ඩීසල් ලීටරය රුපියල් 363 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

රුපියල් 136 කට තිබූ පෙට්්‍රල් ලීටරය මිල මේ වන විට රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය එසේ වුවද බලයා කිලෝවකින් ධීවරයාට ලැබුණු මිලේ වෙනසක් නොවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

හාල් සහ සීනි මිල මේ වන විට අහස උසට නැග ඇති බව කී සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ප්‍රශ්නේ විසඳුවා නම් ඉස්පිරිතාලේ බෙහෙත් තිබිය යුතු අතර ඉංජිනේරුවන් සහ වෛද්‍යවරු රට අතහැර නොයා යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *