රජය අඩු ආදායම්ලාභීන් සඳහා බෙදා දෙන ලද සහල් කෑ පානගමුවේ කුකුළන් හත් දෙනකු මිය යාමේ සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසීය.
රජය අඩු ආදායම් ලාභීන් සඳහා දුන් සහල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ද ප්‍රශ්න ඇතිවූ බව කී රහුමාන් මහතා පානගමුවේ ගම්වැසියෙක්ගේ කුකුළන් හත් දෙනකුද මෙම සහල් කෑමෙන් පසු මිය ගොස් ඇතැයි මාධ්‍යයේ පළවී තිබෙන බව කීය.
මහජන සෞඛ්‍ය නිලධාරීන්ටත් මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද ඒ ගැන යම් දැනුවත් වීමක් තිබේදැයි දැනගන්න සතුටු බවත් රහුමාන් මහතා පැවසීය.
සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවෙි ඒ කාරණය විෂය බාර අමාත්‍යංශයට යොමු කොට පිළිතුරක් ලබා දෙන බවයි.ක්ෂණිකව පිළිතුරක් ලබා දෙන්නට නොහැකි බවද සභානායකවරයා කීය.