LK reports news sinhala

පාතාල අපරාධකරුවන් 19ක් දැලේ

පාතාල අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුමේදී අපරාධ කල්ලි වලට අයත් ලේඛනගත පාතාල අපරාධකරුවන් 19 දෙනෙකු ඊයේ(21) පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

මෙම මෙහෙයුම් අතරතුර පොලිස් වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් ගනේමුල්ල පොලිස් වසමේ සුමේධ මාවත පිහිටි දෙමහල් නිවසක් සෝදිසි කිරීමේදී පාතාල අපරාධකරුවකු වන කදමුල්ල ආරච්චිගේ මංජුල ප්‍රසාද් හේමන්ත නොහොත් පැට්ටා මංජු යන අයගේ ගෝලයෙකු වන බුලගහපිටිය, ඇහැලියගොඩ පදිංචි ෂෙහාන් අසංක බටුගෙදර යන අය විසින් පිස්තෝල අවියකින් වෙඩිතැබීම හේතුවෙන් ඇතිවු වෙඩි හුවමාරුවකදී තුවාල ලබා රාගම ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙම වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියෙකුද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබේ. මරණකරු 2024.03.09 වන දින ජා-ඇල පොලිස් වසමේදී එරිප්පුගේ මංජුල සරත් ප්‍රනාන්දු යන අයට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු බවට අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *