පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද පැමිණිල්ලකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු තමන් ඩුබායි හි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන ‘හීනටියන මහේෂ්’ ගේ ගෝලයෙකු බව හඳුන්වා අදාළ ව්‍යාපාරිකයාගෙන් කප්පම් මුදල් ලබාගෙන තිබේ.
එහිදී මුල්වරට සැකකරු විසින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අදාළ ව්‍යාපාරිකයාට ඇමතුමක් ගෙන සඳහන් කර ඇත්තේ තමන් ”හීනටියන මහේෂ්’ ගේ ගෝලයෙකු බවත් ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන යාමට අවශ්‍ය නම් තමන්ට ලක්ෂ 15ක මුදලක් ලබාදෙන ලෙසත්ය.
එම දුරකථන ඇමතුමෙන් පසුව ඔහුගේ දුරකථනය විසන්ධි කර තිබූ බව ව්‍යාපාරිකයා පොලීසියට පවසා තිබේ.
එම සිදුවීමෙන් මාසයකට පසුව නැවත සැකකරු ව්‍යාපාරිකයාට නැවත දුරකථන ඇමතුමක් ලබාදී “සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා ජීවිතයට ආසාවක් තියෙනවා නම් ලක්ෂ 15 සූදානම් කරනවා” යැයි සඳහන් කර ඇත.
පසුව කප්පම්කරු වරින්වර හය වතාවක් පමණ ව්‍යාපාරිකයාට තර්ජනාත්මක ඇමතුම් ලබාදී ඇති අතර ඉන් බියට පත්වූ ව්‍යාපාරිකයා අවස්ථා දෙකකදී ලක්ෂ තුනක් හා ලක්ෂ දෙකක් බැගින් රුපියල් ලක්ෂ 5ක කප්පම් මුදලක් සැකකරුට ලබා දී ඇති බව අනාවරණය වී ඇත.
නැවත දින කීපයකට පසු ඉතිරි රුපියල් ලක්ෂ දහයක මුදල ඉල්ලා සැකකරු අවස්ථා දෙකකදී තර්ජනාත්මක ඇමතුම් ලබාදීමෙන් අනතුරුව ව්‍යාපාරිකයා විසින් මිනුවන්ගොඩ පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු “හීනැටියන මහේෂ්” නැමැති අපාරධකරුගේ ගෝලයෙකු නොවන බවට වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙනත් සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙක්ද ? මේ ආකාරයෙන් වෙනත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් මුදල් ලබාගෙන තිබේද ? යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලීසිය පවසයි.
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.