තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.