බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට නියම කල අත්හිටවූ සිර දඬුවම හා දඩය අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල සැප්තැම්බර් 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (16) තීරණය කළේය.
විත්තිකාර අභියාචක ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පෙත්සම් විභාගය වෙනත් දිනයකට කල් තබන නීතිඥ කීර්ති තිලකරත්න මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අධිකරණය එලෙස නියම කළේය.
අභියාචනාධිකරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එම දඬුවම වසර පහකට කාලයකට අත්හිටුවීමටද නියෝග කල බව පෙත්සමේ සඳහන්වේ
ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක්ද මහාධිකරණය විසින් තමන්ට නියම කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කාර ප්‍රසන්න රණතතුංග මහතා මහාධිකරණයේ එම තීන්දුව හා දඬුම බල රහිත කර සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල මඟින් ලෙස ඉල්ලා ඇත.
පෙත්සම කැඳවු අවස්ථාවේදී නීතිඥ කීර්ති තිලකරත්න මහතා අධිකරණය අමතමින් විත්තිකාර අභියාචක ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් පෙත්සම් විභාගය වෙනත් දිනයකට කල් තබන්නැයි ඉල්ලා සිටියේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා එම ඉල්ලීමට විරුද්ධත්වයක් දැක්වූයේ නැත.
කරුණු සළකා බැලු විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 11, 16 සහ 25 යන දිනවලට කල් තැබීය