පළාත් පාලන නිල කාලය ගැන ගැසට්ටුවක්

පළාත් පාලන ආයතනවල නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳ සඳහන් කරමින් රජය විසින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධූර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින්  මෙම ගැසට්ටුව නිකුත් කර ඇත.

252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසින් මෙය නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රාදේශිය සභා 274 ක්, මහා නගර සභා 27 ක් සහ  නගර සභා 36ක් ඇතුලු සමස්ථ පළාත් පාලන ආයතන 337 කට අදාලව නිකුත් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *