පාදුක්ක ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අලාභහානියට පත් වූ ආපණ ශාලාවේ හිමිකාරියට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු ව තිබේ.
ඔවුන් පවසන්නේ, තම ආපණ ශාලාවට පහරදුන් පුද්ගලයින්ගේ බලපෑම මත තමන්ට එම වෙළෙඳසලෙන් මෙන්ම තමන් රැඳී සිටි කුලී නිවසෙන් ද පිට ව යාමට සිදු ව ඇති බවය.
වෙළෙඳසලෙන් ඉවත්ව යන ලෙස කළ දැනුම්දීමෙන් පසු ඔවුහු අද එහි තිබූ භාණ්ඩ ඉවත්කර ගැනීමට කටයුතු කළහ.
පාදුක්ක – අංගම්පිටිය ප්‍රදේශයේ රාත්‍රී ආපණ ශාලාවකට පසුගිය 18 වනදා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි හිමිකරුවන්ට පහර දී වෙළෙඳසලට අලාභහානි සිදුකර තිබුණේ තමන් ඇනවුම් කළ ආහාර නොමැති බව පවසමිනි.
මෙලෙස හෝටලයට පැමිණ පහර දී තිබුණේ, ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් වන අතර සිද්ධියට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහි දී සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.
සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ, ආපණ ශාලාවේ හිමිකරුවන් තමන්ට පහරදුන් බව පවසමිනි.