නීතිපති සේවකයන්ට පාටියක් දී ගෙදර යයි

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය  පසුගිය 27 දායින් අවසන් විය.

නීතීපති දෙපාර්තමෙන්තුවේ වසර ගණනාවක් පුරා  සේවය කළ සංජේ රාජරත්නම් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් නීතීපතිදෙපාර්තමෙන්තුවේ තමන් සමඟ කාලයක් සේවය කළ හිතමිත්‍රාදන්ට හා සේවකයින් වෙනුවෙන් විශේෂ සංග්‍රහයක් පැවැත් වු බව ද වාර්තා වේ.

නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය මාස 06කින් දීර්ඝ කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදීම ව්‍යවස්ථාදායක සභාවට සිය නිර්දේශ ඉදිරිපත් කළත් ව්‍යවස්ථාදායක සභාව එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයාගේ නිර්දේශයට අවසර දීම ප්‍රතික්‍ෂෙප කෙරිණී.

ජනාධිපතිවරයාගේ නිර්දේශ පිළිගැනීම ව්‍යවස්ථාදායකසභාව එලෙස ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් නීතීපතිවරයාට සිය ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *