නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු සහ මත්ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් කොටු කරගනී

ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා එක්ව පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අදළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මඟින් කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික නාවික හමුදාව පවසයි.

ඒ අනුව, කොළඹ වරාය වෙත පැමිණෙන මත්ද්‍රව්‍ය රැගත් එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *