නවසීලන්තයේ විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අගමැතිවරයා වන වින්ස්ටන් පීටර්ස් මහතා එළඹෙන 24 සිට 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා නිල සංචාරයේදී ඔහු, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය මුණගැසීමට නියමිත බවත් නිල සංචාරයේදී පීටර්ස මහතා වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාව , සංචාරක හා ක්‍රීඩා යන ක්ෂේත්රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.