නත්තල් උත්සවය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට දෙසැම්බර් 23, 24, 25 සහ 26 යන දිනවල නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
නත්තල සෙනසුරාදා දිනට යෙදෙන බැවින් මෙවර නත්තල වෙනුවෙන් මෙම දින 04ක නිවාඩුව ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මෙය දිවයිනේ සියලුම කතෝලික පාසල් සඳහාද වලංගු වේ.
ඒ අනුව දෙසැම්බර් 27 වැනිදා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.
COVID-19 වසංගතය හේතුවෙන් වසරකට වැඩි කාලයක් වසා දමා තිබූ ශ්‍රී ලංකාවේ සියලුම පාසල් නොවැම්බර් 22 වන දින සියලුම ශ්‍රේණි සඳහා විවෘත විය.