’’නඩු තීන්දු අපිට දෙන්න’’ මැකොගෙන් ඉල්ලීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරඟ කිරීම සඳහා බාර දෙන ලද නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්නම් එම පෙත්සම් වල හා නඩු තීන්දු වල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි.

මෙයට අමතරව මැතිවරණ කොමිෂන් සභාවද පෞද්ගලිකවම මැදිහත්වී අධිකරණවලින් එම තොරතුරු ලබා ගැනීමටද  කටයුතු කරමින් සිටින බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නඩු තීන්දු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන්  කොමිෂන් සභාව රැස්වී තීරණයක් ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *