ධම්මික ප්‍රසාද්ගේ පැය 24 ක උපවාස විරෝධතාව අරඹයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා ගාලුමුවදොර පිටියේ පැය 24 පුරා උපවාසයක නිරත ධම්මික ප්‍රසාද්ට සහය පළ කිරීමට අර්ජුන රණතුංග සහ සිදත් වෙත්තමුණි ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගාලුමුවදොර පිටියට පැමිණ තිබේ.

ධම්මික ප්‍රසාද් NewsWire වෙත කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවේ ජනතාවට සාධාරණය ඉටු කරන ලෙස මෙරට නායකයන්ගෙන් ඉල්ලා තමන් පැය 24ක උපවාසයක නිරත වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *