දේශපාලකයන් පාසල් උත්සව වලට එපා

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය  ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය  සඳහන් කළාය.

“ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. පාසල් වල මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න තිබෙනවා . මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන,යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *