ඉරිදා (6) අලුයම දෙහිවල ප්‍රදේශයෙන් මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වී තිබේ.
පිහියකින් ඇන තුවාල ලැබූ පුද්ගලයෙකු බරපතල තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පහර කෑමට ලක්වූ පුද්ගලයා පසුව ජීවිතක්ෂයට පත් විය.
ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.
කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය අනාවරණ කළේ.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.