දෙමටගොඩින් රු කෝටි 2ක අයිස් මත්ද්‍රව්‍ය සොයාගනී

රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ,  ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ය.

දෙමටගොඩ බේස්ලයින් පාර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී  කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැටලීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔරුගොඩවත්ත ‘චප්පා’ නමැත්තෙකි.

අනෙක් සැකකරු ත්‍රීරෝද රථයේ රියදුරා වන බොරැල්ල සහස්පුර පදිංචිකරුවෙකි.

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *