දුම්රිය ආසන තත්පර 30න් අවසන්

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (19) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.

ඔන්ලයින් ක්‍රමවේදය හරහා තවමත් අදාල ජාවාරම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ජාවාරම්කරුවන් කටයුතු කරමින් සිටින බවත් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ආසන අවසන් වීමට පෙර එම දුම්රියේම මහනුවර සිට නානුඔය දක්වා ආසන සියල්ලම අවසන් වූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් සඳහන් කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *