දිනක් තුළ මෙරට සිදුකෙරූ වැඩිම එන්නත් ගණන ඊයේ වාර්තා විය

මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති බව රජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයින් 289,122ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකු සඳහාත් ලබාදී තිබේ.

ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් ද කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක් ද ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *