දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි

බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක්  ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසමට මේ හා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් එම කොමිසම විසින් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කර ඒ ගැන සොයා බලන ලෙස දැනුම් දීමක් කර තිබිණි යැයි එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ජනාධිපතිවරණය අවසන් වන තෙක් මෙම පත්වීම් දීම තාවකාලිකව අත්හිටුවා ඇත.

හදිසි සේවා අවශ්‍යතා මතයයි කියමින් එම පත්වීම් ලබා දීමට සූදානම් කර තිබූ බව මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *