දළදා වන්දනා සමයේ මහනුවරට එන වාහන නවතන්න රථ ගාල් 10ක්

සිරි දළදා වන්දනාවට පිට පළාත්වල සිට මහනුවර නගරයට  පැමිණෙන රථ වාහන නැවැත්වීම සඳහා ස්ථාන 10කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇතැයි  මහනුවර පොලිස් මූලස්ථානය කියයි.

මහනුවර කොට්ංඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා ගේ මෙහෙයවීම මත මෙම ස්ථාන වෙන්කර ඇත.

ඒ අනුව මහයියාව වේවැල්පිටිය නගර සභා ක්‍රීඩාංගණය( සැහැල්ලු වාහන සඳහා), මහනුවර සහශ්‍ර උයන රථගාල ( සැහැල්ලු වාහන සඳහා),ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය ( සැහැල්ලු වාහන සඳහා), මහයියාව පොදු සුසාන භූමිය ඉදිරිපිට (බස්රථ නවතා තැබීම සඳහා), ධර්මාශෝක මාවත මහවංගුව සිට ජපන් කඩේ හන්දිය දක්වා මාර්ගය( බස්රථ නවත්වාලීම සඳහා), කේ එම් සී නාගරික රථගාල( සැහැල්ලු වාහන සඳහා), මහනුවර තරුණ බෞද්ධ සංගම්ශාල⁣ාව අසල රජපිහිල්ල මාවත ( බස්රථ සඳහා), කරළිය ශාලාව රථ ගාල ( සැහැල්ලු වාහන සඳහා), බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය ( බස්රථ සඳහා), තැන්නකුඹුර හන්දියේ සිට හාරගම මාර්ගයේ වම්පස( බස්රථ සඳහා)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *