සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී ගොස් තිබිණි.
ශ්‍රී දන්ත ධාතූන් වැඳ පුදා ගැනීම සැදුණු පෝලිම් තුනේ දිග අද වන විට කිලෝ මීටර් ගණනකාවක් දුරට විහිදී ගොසි තිබුණි.
මහනුවර කටුගස්තොට මාර්ගයේ ඇති පෝලිම කටුගස්තොට නගරයද පසු කර ශ්‍රී දළඳා මාලිගාවේ සිට කිලෝ මීටර් පහකට වඩා වැඩි දුරක් විහිදී ගොස් තිබේ.
මෙම පෝලිම්වල විශේෂත්වය වනුයේ පෝලිමේ දිග පමණක් නොව පළලද විශාලව පැවතීමයි.
පෝලිමේ හය හත් දෙනකු හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් සිටීම නිසා පෝලිම්වල පළලද වැඩි වී ඇත.
ශ්‍රී ලංකා පොලීසිවේ වෙබ් අඩවිය මගින් හඳුන්වා දී ඇති නව මෘදුකාංගයක් මගින් දැක්වෙන්නේ ඊයේ පස්වරු 3.30 වන විට මහනුවර කටුගස්තොට මාර්ගයේ පෝලිමේ සැදැහැවතුන් 1,13,100 ක් රැඳී සිටි බවත් එය මුළු සැදැහැවතුන් ප්‍රමාණයෙන් සියයට 29 ක් බවත්ය.
සංඝරාජ මාවතේ පෝලිමේ ද 1,37,490 ක් රැඳී සිටි බවත් එය එම වේලාවේ රැඳී සිටි මුළු සැදැහැවතුන්ගෙන් සියයට 36 ක් බවත් සදහන් වෙයි.
මාලිගාව ආසන්නයේ පෝලිමේ තවත් සැදැහැවතුන් 1,37,010 ක් රැඳී සිටින බවත් එය මුළු ප්‍රමාණයෙන් සියයට 35 ක් බවත් සඳහන් කර තිබේ. ඊයේ සවස් වන විට පෝලිම්වල රැඳී සිටි මුළු ප්‍රමාණය 3,87,600 ක් වන බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය.
කෙසේ නමුත් දිනයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට හැකියාව ඇත්තේ මෙම පිරිසෙන් සියයට 35 කට පමණක් බවත් ඉතිරි සියයට 65 හෙට දිනයට ඉතිරි වන බවත් එහි සඳහන් වී තිබිණ.
කෙසේවුවද පොලිම්වලට රැඳී සිටින බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධානය යුහුසුළුව කටයුතු කරන අයුරු දක්නට ලැබිණි.
නගර සභාව මෙන්ම ස්වේච්ඡා සංවිධාන අවශ්‍ය පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන අතර ආහාර පාන ලබාදීමට ශ්‍රි දළදා මාලිගාව මූලික කරගනිමින් විවිධ සංවිධාන ඉදිරිපත්ව සිටිති. මෙහි විශේෂත්වය වුයේ නගරයේ මුස්ලිම් දේවස්ථාන මූලික කරගනිමින් මුස්ලිම් තරුණ තරුණියන් රැය පහන් කරමින් පොලිම්වල සිටින පිරිසට අවශ්‍ය ආහාර මෙන්ම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම සතුටට කරුණකි.