දළදා මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද දින වීථි සංචාරය කිරීමට නියමිතය.

අද රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් පෙරහර සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග මහතා සඳහන් කළේය.

පවතින කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය ජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරේ.

පෙරහර මංගල්‍යය අද දිනයේ සිට එළඹෙන 22 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *