දළදා තේවාව මල්වත්තෙන් අස්ගිරියට

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේගේ වාර්ෂික තේවා පූජා මංගල්‍ය ,මල්වතු පාර්ශවයෙන් අස්ගිරි පාර්ශවය වෙත බාරදීම , තිබ්බටුවාවෙ ශ්‍රී සිද්ංධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක සහ වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක යන හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී අද සිදු කළහ.‍

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ශ්‍රී දළදා සමිඳුන්ගේ තේවා පූජාව වාර්ශිකව මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශව වෙත මාරුවෙන් මාරුවට පැවරීම සිදුකෙරෙයි.

පුරාණ රජ දවසේ සිට රජ අණින් දළදා සමිඳුන්ගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශව දෙක වෙත පැවරීම සිදුව තිබේ.

මෙම අවස්ථාවට මල්වතු අස්ගිරි පාර්ශවයේ අනූනායක හිමි පාණන් වහන්සේලා ද ,ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *