දවසට බිත්තර ලක්ෂ 80ක් කති

මෙරට  දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට ලක්ෂ දහයකින්  ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර ලක්ෂ 70ක් වූ අතර පසුගිය මාස කිහිපයේ එම ප්‍රමාණය බිත්තර ලක්ෂ 80 ඉක්මවා ඇතැයි වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව කීය.

මෙරටට එන විදේශ සංචාරකයින් ගණන ඉහල යාම, පසුගිය කාලයේ  විවිධ හේතු නිසා මස් හා මාළු මිල වරින් වර  ඉහල යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර බවට මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහල යාමට හේතු වී තිබෙන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *