දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ  සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බව කොළඹ ජානකී හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන  මණ්ඩලයේ තීන්දුවක් මත මෙම තීරණය ගත් බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර්, එම්. උදයකුමාර් ඇතුළු  පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *