කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වා තිබේ.
විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය විසඳීමට රුසියාවට මැදිහත් වන ලෙසයි.
ඉන්දියාවට මෙන් ශ්‍රී ලංකාවට ද අඩු මිලට ඉන්ධන ලබා දෙන්නයි ඔවුන් ඉල්ලා ඇත.
මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ මහජන යුතුකම් කේන්ද්‍රය ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසකි.
එම ඉල්ලීම් ඇතුලත්ව විරෝධතාකරුවන් විසින් තානාපති කාර්යාලයට සංදේශයක් ද භාර දෙන ලදී.