තාඹුගලගේ රහස් ප්‍රකාශය ඊයේ අවසන්

රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී රහස් ප්‍රකාශයක් ලබාදීම ඊයේ (28) අවසන් කළේය.

සැකකාර තාඹුගල මහතා පසුගිය සඳුදා, අඟහරුවාදා සහ අද දින පුරා පැය දහයකට අධික කාලයක් මෙම රහස් ප්‍රකාශය ලබා දී ඇති අතර සැකකරු රහස් ප්‍රකාශය ඉදිරිපත් කරමින් තමන්ට මරණ තර්ජන ඇතැයි ප්‍රකාශ කිරීම හේතුවෙන් ඒ පිළිබඳ කරුණු තහවුරු කිරීම ලබන 03 දින සිදු කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය දින නියම කර ඇත.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රහස් ප්‍රකාශය ලබාදීමට මහේස්ත්‍රාත්තුමිය අවසර ලබා දුන්නාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *