ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නොමිලේ හජ් වන්දනාව

සෞදි අරාබි රජය ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් භක්තිකයන් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලයේ සහභාගි වීමට අවස්ථාව දීමට තීරණය කර තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව ලැබුණි.

රාජ්‍ය අමාත්‍යවරයා කළ මෙම විශේෂ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *