චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබේ.
අදාළ එන්නත් මාත්‍රා තොගය අද අලුයම 4.30ට චීනයේ බෙයිජිං සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
එම එන්නත් කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරිරථ මඟින් ප්‍රවාහනය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන සඳුදා දිනයේ දී මෙරටට ලැබීමට නියමිත බවය.
මේ අතර, කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ගත වූ දිනය තුළ එන්නත් මාත්‍රා 169,957ක් ලබා දී තිබේ.
එහිදී සයිනොෆාම් එන්නතේ පළමු එන්නත් මාත්‍රා 100,065, දෙවන මාත්‍රාව 66,220ක් සහ ඇස්ට්‍රොසෙනිකා කොවිෂීඩ්ල් එන්නතේ දෙවන මාත්‍රාව 3,672ක් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ඒ අනුව මේ වන විට මෙරට පුද්ගලයින් 2,889,602 දෙනෙකු කොවිඩ් මර්දනය සඳහා වන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන තිබේ.
එමෙන්ම මෙරට පුද්ගලයින් 1,146,978 දෙනෙකු මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බව වංසගත රෝග විද්‍යා අංශය පැවසුවේය.