ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලබන මා ර් තු මස 31 වැනි දින හෝ ඊට පෙර අදාල බැංකු වෙත ගොස් තමන්ට හිමි සහන පිළිබඳව සාකච්ඡා කරගත හැකි බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

2024 වසරේ දෙසැම්බර් මස 15 වැනි දිනට පැවති ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය පදනම් කර ගනිමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාණ්ඩ තුනක් යටතේ එම විශේෂ සහන ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

රුපියල් මිලියන 25 ට අඩු ණය සඳහා මාස 12ක සහන කාලයක් හිමිවන අතර රුපියල් මිලියන 25 ත් 50 ත් අතර ණය සඳහා මාස නමයකද රුපියල් මිලියන 50 ඉක්මවූ ණය සඳහා මාස හයකද සහන කාලයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව ගෙවීමට ඇති සමස්ත ප්‍රාග්ධන මුදල පදනම් කරගෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නොගෙවූ පොලිය සියයට 65 40 ආදී වශයෙන් කපා දැමීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව එම ව්‍යවසායකයන් සඳහා ප්‍රාග්ධන ණය මුදලක් ලබාදීම අහිතකර ක්‍රිබ් ව ර් තා සදහා සහනයක් ලබාදීම ඇතුලු සහන රැසක් ඔවුන්ට හිමි වන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය කොවිඩ් වසංගතය සහ ආ ර් ථිකය කඩා වැටීම ආදී හේතුන් මත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැසක ව්‍යාපාර කඩා වැටුණු අතර ඹවුන්ට ණය ගෙවීමේ හැකියාවක් නොමැති වී තිබිණ.

රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට පනහකටත් වඩා වැඩි දායකත්වයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයෙන් ලබාදෙන බවද මුදල් අමාත්‍යාංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *