ඩේසි ෆොරස්ට් නමැත්තියට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද තමන් එවැනි විදෙස් තහනමක් ඩේසි ෆොරස්ට් නමැත්තිය සඳහා නිකුත් නොකළ බව කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය
හිටපු ජනාධිපති දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ හවුල් බැංකු ගිණුමක රුපියල් මිලියන පනස් නවයක් හමුවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ කඩුවෙල අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට අදාලව නීතිඥ ප්‍රේමනාත් දොළවත්ව මහතා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් යලි විභාගයට ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ පිළිබඳව කරුණු අධිකරණයෙහි පැවසුවාය
අදාළ නඩුව විභාගයට ගැනීමට පෙර එම තැනැත්තියට විදෙස් ගමන් තහනමක් පැනවූ බවට මාධ්‍ය හමුවක් කැඳවීමෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන බවද නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය
මේ සම්බන්ධයෙන් නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. අදාළ නඩුව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මාධ්‍ය හමුවක් කැඳවා නඩු දෙකක් පැවරීමට කටයුතු කරන බවත් එක් තැනැත්තියකට විදෙස් ගමන් තහනමක් ලබාගත් බවත් ප්‍රසිද්ධියේ පැවසීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා