ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඩීසල් හිඟයක් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් (MT) රටට අවශ්‍ය වන නමුත් දැනට දිනකට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 1000-1500ක් පමණක් බවයි.
ඒ, විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් ප්‍රතිපාදන ලබාදීම හේතුවෙන් බව ඔහු පැවසීය.
මීළඟ ඩීසල් නැව්ගත කිරීම මැයි 11 වනදා පැමිණීමට අපේක්ෂා කරන නමුත් එය දින 2 කින් ප්‍රමාද වන බව අමාත්‍ය විජේසේකර මහතා පැවසීය.
කෙසේ වෙතත්, රට තුළ පෙට්‍රල් හිඟයක් නොමැති බව පැවසූ ඔහු, ප්‍රමාණවත් තරම් තොග අමාත්‍යාංශය සතුව පවතින බව ද පැවසීය.
දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000කට ආසන්න ප්‍රමාණයක් මුදා හැර ඇති බව ප්‍රකාශ කළ විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ රාත්‍රියේ තවත් පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඩීසල් හිඟය පිළිබඳව යළි යළිත් අවධාරණය කළ අමාත්‍යවරයා, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඩීසල් රැස්කර තබා ගැනීම හෝ මිලදී ගැනීම් සිදු කිරීමෙන් වළකින ලෙසත් අවධානයෙන් සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.