ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ නිදහස් වෙළෙඳ කලාප වෘත්තීය සංගම් සහ පොදු සේවක සංගම්වල සාමාජිකයින් හමුවූ අවස්ථාවේදීය.
එම සහනය ලබා ගැනීමට රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බවත් මේ සඳහා සියලු පාර්ශව රට වෙනුවෙන් සහයෝගය ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.