ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක් ඉදිරිපත් වෙයි.

ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව යෝජනා පහක් සභාගත කර තිබෙනවා.

මාර්තු 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා උපදේශක කමිටුවක් පත් කරන ලදී.

ආර්ථිකය නගා සිටුවීමට අදාළව යෝජනා පහක් උපදේශක කමිටුව විසින් ජාතික ආර්ථික සභාවට ඉදිරිපත් කර ඇත.

එම යෝජනා පහත පරිදි වේ.

ජාත්‍යන්තර මූල්‍ය ආධාර යෝජනා කිරීම සඳහා මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කරන්න.
මූල්‍ය උපදේශකයෙකු සහ නීති උපදේශකයෙකු පත් කරන්න.
තාක්ෂණික කමිටුව ජාත්‍යන්තර මූල්‍ය ආධාරවලට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් වහාම ඉදිරිපත් කළ යුතුය.
මුදල් අමාත්‍යවරයා සමඟ සම්බන්ධීකරණය කිරීමට විශේෂඥයින් පිරිසක් පත් කරන්න.
සැපයුම් ගැටළු වලින් මිදීම කෙරෙහි අවධානය යොමු කිරීම සහ විශ්වසනීයත්වය නැවත ගොඩනැගීම සඳහා කටයුතු කිරීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *