ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති කරන්න ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නෑ

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බව ද ඒ මහතා සඳහන් කරයි. ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව පෙන්වා දී තිබේ.

නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බව ද මෙම ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *