ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබේ.
ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යෝෂිහිඩේ සුගා වසරක පමණ කාලයක් ධූරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබිණි.
ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිත ෆුමියෝ කිශිඩා මීට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.
එළඹෙන මහ මැතිවරණයේදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය මෙහෙයවීම ඔහුට පැවරෙන පළමු අභියෝගය වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.