ජනාධිපතිවරයාට සහ රජයට වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ කිහිපයක අද මහජන විරෝධතා පැවැත්වුණා.
මාතර, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, හලාවත, කෑගල්ල, ගම්පහ ප්‍රදේශ රැසක මෙන්ම කටුනායක සහ කොග්ගල නිදහස් වෙළෙඳ කලාප ඇතුළු ප්‍රදේශ රැසක මහජන විරෝධතා පැවැත්වී ඇත.
රථ වාහන තදබදයක් ඇති කරමින් අද දිවයින පුරා නගර කිහිපයක විරෝධතා 1000කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වී තිබෙනවා.
මාතර, කුරුණෑගල සහ අනුරාධපුර ප්‍රදේශවල පැවති මහජන විරෝධතා සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බව වාර්තා වේ.
කොළඹ ගාලු මුවදොර පිටියේ ද අතිවිශාල ජනකායක් දැකගත හැකි වූ අතර, ගාලුමුවදොර වාඩිලාගැනීමේ ජනතා විරෝධතාව අද 20 වැනි දිනටත් ක්‍රියාත්මකයි.