ජනපති රදගුරු සංගමය හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කතෝලික රදගුරු සංගමය අතර හමුවක් කොළඹදී පැවැත්වුණු අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඇතුළු කරුණු කීපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

හැරල්ඩ් ඇන්තනි පෙරේරා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරුතුමන්,රදගුරු සම්මේලනයේ මහලේකම් දොන් ඇන්ටන් ජයකොඩි පියතුමන්  ඇතුළු කතෝලික රදගුරු සම්මේලනයේ පියතුමන්ලා මෙම හමුවට සහභාගි වූහ.

රටේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන, පාරිසරික සහ ආගමික කටයුතු පිළිබඳව මෙහිදී  සාකච්ඡා විය.

මෙහිදී  රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන වියදම් අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ක්‍රියාත්මක කරන සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා පියතුමන්ලා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *