ජනපති ට ජී එල් ගෙන් අභියෝගයක්

ජනාධිපතිවරණය කල්දැමීමට කිසිවෙකුටත් නොහැකි බව හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ  අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අතර මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ද අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතනා හිමියන් සමඟ සුහද පිළිසඳරක නිරත වී තිබුණි.

ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයා ලංකාරාම විහාරස්ථානයට ගොස් විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමි බැහැදක ආශිර්වාද ලබාගත් අතර මෙහිදී ද රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද  පිළිසඳරක නිරත විය.

පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පීරිස් මහතා පැවසුවේ ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිදු පුද්ගලයකුට ඉඩක් නොමැති බවයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගා ඇති බවත් රටේ සියලුම ප්‍රශ්න විසඳා ඇති බවත් ප්‍රකාශ කරන්නේ නම් මැතිවරණය පැවැත්වීම සඳහා බිය විය නොමැති බවත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *