ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ඉහළ නිලධාරීන් පිරිසක් අද කොළඹ ජනාධිපති කාර්යාලයේදී හමුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Changyong Rhee, IMF හි නියෝජ්‍ය අධ්‍යක්ෂ Anne-Marie Gulde-Wolf සහ IMF ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Tubagus Feridhanusetyawan යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
සඳුදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ආර්ථිකය පිළිබඳ IMF හි නවතම සමාලෝචනය සහ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරුන් විසින් මෑත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී දක්වා ඇති තක්සේරු පිළිබඳ විස්තර සාකච්ඡා කිරීමට නියමිත බව මීට පෙර වාර්තා විය.
කෙසේ වෙතත් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේ තොරතුරු මෙතෙක් මාධ්‍ය වෙත හෙළිදරව් වී නැහැ.