ජනපති කතාවට පාර්ලිමේන්තු විවාදයක?

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතා කරන කතාව සම්බන්ධයෙන් විවාදයක් ලබා ගැනීමට විපක්ෂය බලාපොරොත්තුවෙන්  සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (28) පැවැත්වීමට නියමිතය. එහිදී මෙම  ඉල්ලීම කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

මේ අතර පාර්ලිමේන්තුවේ සෙසු ඉදිරි කටයුතුද මෙහිදී තීරණය කරන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ විශේෂ කතාව සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු විශේෂ රැස්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි  පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

එම රැස්වීමට සහභාගී වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ට දන්වා යවා ඇතැයිද ඔවුහු සඳහන් කරති.

ජනාධිපතිවරයා පසුගිය (26) ජාතිය අමතමින් කතා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *