ජනපති කතානායක- අගවිනිසුරු අමතයි

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දැනුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කරන ලද්දේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතාටත් ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකතයෙන් අමතමිනි.

පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ අගවිනිසුරුවරයාට තවදුරටත් දැනුම් දී තිබේ.

සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය  සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *