ජනපති අරමුදල මාතරට

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව  මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයැදුම්පත් බාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබේ.

ඒ අනුව, මේ පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරු සහ ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරන විෂය නිලධාරින් වෙනුවෙන් සිදුකරන විශේෂ පුහුණු වැඩමුළු මාලාවක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර එය පසුගිය දා උතුරු පළාතෙන් ආරම්භ කෙරිණි.

එහි තුන් වන අදියර ලෙස දකුණු පළාත් වැඩසටහන අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් සිල්වා මහත්වරු ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විෂය නිලධාරීහු 100කට අධික පිරිසක් සහ ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *