ඡන්ද ඇපය වැඩි කරයි

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා පනතේ විධිවිධාන පරිදි වත්මන් ආර්ථික පසුබිමට ගැල⁣පෙන පරිදි ඇප සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

අදාල පනත් කෙටුම්පත සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරණයට පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සඳහා ඇප මුදල ලක්ෂ 26 දක්වාත් ස්වාධීන ජනපතිවරණ අපේක්ෂකයකු සඳහා ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 31 දක්වා ඉහල නංවා ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 16000 දක්වාත් ඉහල නවා තිබේ.

පළාත්  සභා ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුට ඇප තැන්පතුව රුපියල් 6000 දක්වාත් ස්වාධීන අපේක්ෂක  ඇප තැන්පතුම රුපියල් 11000 දක්වාත් ඉහල නංවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *