චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිළියනයක් මෙරටට පරිත්‍යාග කෙරේ

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇත.
ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහාය.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වේ.

මේ දක්වා රටවල් 50කට පමණ මෙම එන්නතේ මාත්‍රා බිලියන 1 යි දශම 8ක් සපයා ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *